victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: October 2013
http://victorrathnayakelyrics.blogspot.com/2013_10_01_archive.html
Saturday, October 26, 2013. අකුරු කරන්නට පොඩි. අකුරු කරන්නට පොඩි සන්ධියෙ බාලේ. මතකයි මවුපියන් නුඹ මට දුන් තාලේ. දෙපතුල වැටී දෑතින් වැඳ ඒ කාලේ. දුන් දුංකොල බුලත් වේලුනි මැද සාලේ. පාඩම් කියා දී හඬ ගා උගුර තලා. රජ පෙරහැරට නූඹ ඇන්නන් එකතු කලා. වේවැල් කෝටු නාරං අතු ඉවත හෙලා. මම එතැනමය හිමි ගුරු නිවසටම වෙලා. නුඹලෑ නමින් කැප කොට හොඳ කල වයස. කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස. නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණස. පසු කර පිය මනිති දරුවෝ ගුරු නිවස. M වික්ටර් රත්නායක. Subscribe to: Posts (Atom). L මහගම සේකර. L සුන...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: June 2013
http://victorrathnayakelyrics.blogspot.com/2013_06_01_archive.html
Sunday, June 30, 2013. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ. කැලුම් දිදුලවන සරා සුපුන් සඳ. එක වහළක් යට එකට දකින්නට. පූරුවෙ කල පින් මහිම කියන්නට. ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා. කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී. පැතූ පතුම් පෙල දැවී ගියාවූ. ජීවිතයට ඔබ අලුතින් එක්වී. මා ජීවත් කර සතුට ගෙනාවූ. ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා. කිළිටි මගේ අත ඔබට සුදූසු නැත. එබැවින් වෙනතක බැඳුනද කම් නැත. එනමුඳු මෙලොවේ නැවත උපන් කළ. අත් භවයෙන් එළිය දකින්නට. M වික්ටර් රත්නායක. Friday, June 7, 2013. L කුම#...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: February 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_02_01_archive.html
Tuesday, February 18, 2014. සුරංගනාවක් සදිසි මෙනවියක්. සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ. මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු. ඇය ඔබද කියන් ළඳුනේ. ඔබ ඇය ද කියන් ළඳුනේ. බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්. සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්. ඒ සිහින කුමරි ඔබ නම්. කුමරුවා මම ය බැඳි පෙම්. හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්. අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්. ඒ ලොව කියන නම නම්. ආදරය පමණි මට නම්. Friday, February 7, 2014. කැ...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: August 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_08_01_archive.html
Monday, August 4, 2014. අපි ඈතට ඈතට පා නගලා. අපි ඈතට ඈතට පා නගලා. ඝන වනන්තරේ. අතරමං වෙමු. වසන්ත මල් ගොමුවේ. කාත් කවුරුවත් නෑ එන්නේ. ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්. අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ. බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ. කෙසේද අත් බැඳ ඇවිදින්නේ. වෙරළේ උයනේ තුරුළු වෙමින්. නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ. උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ. පද රචනය - සුනිල් ආරියරත්න. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. සුනිල් ආරියරත්න. M වික්ටර් රත්නායක. Saturday, August 2, 2014. අඳුර බිඳින්නට. Subscribe to: Posts (Atom).
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: March 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_03_01_archive.html
Wednesday, March 26, 2014. දෙනෙත සළා මඳ අඳුර මැදින්. දෙනෙත සළා මඳ අඳුර මැදින්. අසල ඉඳන් ඇය තුරුළු වෙමින්. අවන්හලේ දී ලං වූ තුසීතේ. ගිළිහී නොයේවා වසන තුරා... බඹර හඬින් මියුරු සරින්. නැගෙනා හඬින් හද සසැළෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි නිසල වෙලා. මතක මැදින් කඳුළු තුලින්. සිඳුනු පැතුම් යළි සිහි වෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි සළිත වෙලා. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. M වික්ටර් රත්නායක. Thursday, March 13, 2014. Tuesday, March 4, 2014.
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: April 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_04_01_archive.html
Friday, April 18, 2014. සඟවාගනු මැන. සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ. අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි. මා හද බිය වී සැලී සැලී යයි. මහ වන පියසෙක අදුරු ගුහාවෙක. යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්. හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ. ඉරිසියාවෙන් පිරැවේ මා හද. සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්. දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත. එනමුදු ඊයේ මට පෙන් වූ රුව. තව නෙත් දෙකකට හිමි විය යුතු නැත. පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග. Labels: L. බණ්ඩාර කේ විජේතුංග. M වික්ටර් රත්නායක. Wednesday, April 16, 2014. සුසුමක් වන...තනු න#...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: May 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_05_01_archive.html
Thursday, May 1, 2014. අපෙ හැඟුම් වලට. අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. හඳ පානේ. මඳ අඳුරේ. අත් පටලා යමු ආයේ. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී. මම මගෙ හෙවනැල්ලෙන් මිදී. අවුදින් හෙමින් රහසින් මුමුනා. හඳ පානේ මඳ අඳුරේ. හිරකර හසරැල්ලෙන් හැඬුම්. අපි හිනැහෙමු සපුරා පැතුම්. මතු ආත්මයේ හමුවෙන පැතුමින්. යමු වෙන්වී හිමිදිරියේ. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. ප්‍රේමකීර්ති ද අල්විස්. M වික්ටර් රත්නායක. Subscribe to: Posts (Atom). L මහගම සේකර. M එම&...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: May 2013
http://victorrathnayakelyrics.blogspot.com/2013_05_01_archive.html
Thursday, May 23, 2013. සාගර ජලය මදි. සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට. අහසේ තාරුකා මදි ගුණ ගයන්නට. පොළවේ වැලි වලින් බැහැ ගුණ මනින්නට. හඳටත් ඉරටවත් බැහැ ගුණ කියන්නට. සුළඟට බැරිය අපමණ ගුණ බෙදන්නට. හඬකට බැරිය නිම නැති ගුණ ගයන්නට. පසතුරු නදටවත් බැහැ ගුණ වයන්නට. දෙසවණ මදි හිමි වරුණය අසන්නට. දොලකට බැරිය හිමි සිරිපද දොවන්නට. පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට. මිනිසත් බවය ලත් මට බැරි ලබන්නට. මල කල පින කවර ඔබ ළඟ මියෙන්නට. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. M වික්ටර් රත්නායක. Tuesday, May 21, 2013. Sunday, May 19, 2013.
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: July 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_07_01_archive.html
Wednesday, July 2, 2014. අරුණ උදයේ. අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා. ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා. ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්. එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්. පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්. කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්. නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්. දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. Subscribe to: Posts (Atom). අරුණ උදයේ. D ලතා වල්පොල. L මහගම සේකර. L සŢ...
SOCIAL ENGAGEMENT